ලැප්ටොප් බැටරි පැකේජ ස්වේච්ඡාවෙන් ආපසු කැඳවීම

Indonesia

Pilipino

Melayu

简体中文

繁體中文

සිංහල

தமிழ்ภาษาไทยEnglish


වටිනා පාරිභෝගිකයාණෙනි,

2015 අගෝස්තු 27 වෙනිදා - ෆූජිත්සු නිෂ්පාදන සඳහා වන ඔබගේ අනුග්‍රහය සඳහා අපි ඔබට ස්තූතිය පුද කරමු.

පැනසොනික් සංස්ථාව විසින් නිෂ්පාදන කර ෆූජිත්සු ලැප්ටොප්වලින් මූලික වශයෙන් හෝ ප්‍රතිස්ථාපන කිරීම් වශයෙන් භාවිත කරනු ලබන බැටරි පැකේජ සමහරක් කලාතුරකින් දහනය වී ගිනි ගැනීමට හැකි බව අපි දැන ගත්තෙමු. එම නිසා, එසේ විය හැකි බැටරි පැකේජ ආපසු කැඳවා ප්‍රතිස්ථාපන කිරීම ෆූජිත්සු විසින් සිදු කෙරේ.

පහත සඳහන් “බලපෑමට ලක් වන බැටරි පැකේජ” තුළ සඳහන් කර ඇති බැටරි පැකේජ සහිත පාරිභෝගිකයින් “බැටරි ප්‍රතිස්ථාපනයක් සඳහා ඉල්ලුම් කරන ආකාරය” තුළින් විස්තර කර ඇති පරිදි ඉල්ලුම් කරනු මෙන් අපි ඉල්ලා සිටිමු. බැටරි පැකේජය ප්‍රතිස්ථාපන කරන තෙක් ඔබේ ලැප්ටොප් එක ආරක්‍ෂිතව භාවිත කිරීම තහවුරු කිරීම සඳහා පහත සඳහන් උපදෙස් කියවන්න.

ෆූජිත්සු තම පාරිභෝගිකයින්ට සිදු කළ අපහසුතාව සඳහා අතිශයින්ම සමාව ඉල්ලන අතර, බැටරි පැකේජ ආපසු කැඳවීම සහ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ඔබේ සහයෝගය ඉල්ලා සිටියි.

බලපෑමට ලක් වූ නිෂ්පාදන  

ඔබගේ ලැප්ටොප් එක පහත සඳහන් “අදාළ ලැප්ටොප්” තුළ ලැයිස්තු කර ඇති අතර “බලපෑමට ලක් වූ බැටරි පැකේජ” යටතේ එහි බැටරි පැකේජය ලැයිස්තු කර තිබේ නම්, ඔබේ බැටරි පැකේජය ආපසු කැඳවීම හා ප්‍රතිස්ථාපන කිරීමට අදාළ වේ.

අදාළ ලැප්ටොප්

2011 සහ 2012 වසරවල සමහර ෆූජිත්සු ලැප්ටොප් මාදිලිවල මෙම ආපසු කැඳවීමට අදාළ බැටරි පැකේජ තිබිය හැක. මෙම මාදිලිවල භාවිත කරනු ලබන අලුත්වැඩියා කිරීමේදී ප්‍රතිස්ථාපන කළ හෝ වෙනම මිලදී ගත් විකල්ප බැටරි පැකේජ ද අදාළ විය හැක.  අදාළ ලැප්ටොප් හඳුනා ගැනීම සඳහා මෙහි ක්ලික් කරන්න.

බලපෑමට ලක් වූ බැටරි පැකේජ

 පහත සඳහන් නිෂ්පාදන අංක සහ කොටස් අනුක්‍රමික අංකය සඳහන් බැටරි පැකේජ ආපසු කැඳවීම සහ ප්‍රතිස්ථාපය කිරීම සඳහා අදාළ වෙති.

බලපෑමට ලක් වූ බැටරි පැකේජ
නිෂ්පාදන අංකයකොටස් අනුක්‍රමික අංකය
CP556150-01Z110802 සිට Z111212 දක්වා
CP556150-02Z120102 සිට Z120512 දක්වා

නිෂ්පාදන අංකය සහ කොටස් අනුක්‍රමික අංකය බැටරි පැකේජයේ අලවා තිබෙන ස්ටිකරයක් මත තීරු කේතය යට, පහත සඳහන් පරිදි මුද්‍රණය කර තිබේ රතු පාටින් සලකුණු කර ඇති ප්‍රදේශ පරීක්‍ෂා කරන්න.

  • නිෂ්පාදන අංකය: “CP” සමඟ ආරම්භ වන අක්‍ෂරාංක පෙළ

CP556150-01.png

          නි/අ : CP556150-01 හෝ නි/අ : CP556150-02 බලපෑමට ලක් වී තිබේ.


  • කොටස් අනුක්‍රමික අංකය: යා ඉරකට පසුව “Z”  සමඟ ආරම්භ වන අක්‍ෂරාංක පෙළ

Z110907.png

බැටරි පැකේජයේ නිෂ්පාදන අංකය සහ අනුක්‍රමික අංකය පරීක්‍ෂා කරන ආකාරය

වැදගත්: නිෂ්පාදන සහ අනුක්‍රමික අංක තහවුරු කර ගැනීම සඳහා බැටරි පැකේජය ඉවත් කරන විට, ඔබේ පරිගණකය වසා දැමීමත්, AC ඇඩප්ටරය ගැලවීමත්, පසුව බැටරි පැකේජය ඉවත් කිරීමත් තහවුරු කර ගන්න.

බැටරි ප්‍රතිස්ථාපනයක් සඳහා ඉල්ලුම් කරන ආකාරය (ජපානයේ සිටින පාරිභෝගිකයින්)

ප්‍රතිස්ථාපන කිරීමක් සඳහා ඉල්ලුම් කරන විට පහත සඳහන් තොරතුරු අවශ්‍ය වෙති:

  • බැටරි පැකේජයේ නිෂ්පාදන අංකය සහ අනුක්‍රමික අංකය
  • ලැප්ටොප්හි මාදිලි නම සහ අනුක්‍රමික අංකය
    ඔබේ බැටරි පැකේජය ආපසු කැඳවිය යුතුද යන්න තහවුරු කිරීමටත් අවශ්‍ය නම් ප්‍රතිස්ථාපන කිරීමක් සඳහා ඉල්ලුම් කිරීමටත් මෙහි ක්ලික් කරන්න (ජපන් භාෂාව පමණයි)

බැටරි ප්‍රතිස්ථාපනය දක්වා ඔබේ ලැප්ටොප් එක භාවිත කළ යුතු ආකාරය


බලපෑමට ලක් වූ ලැප්ටොප් බැටරි පැකේජ සහිත පාරිභෝගිකයින් තම බැටරි පැකේජ ප්‍රතිස්ථාපන කරන තෙක් ආරක්‍ෂිතව භාවිත කිරීම සඳහා පහත සඳහන් පියවර දෙක අනුගමනය කරනු මෙන් අපි ඉල්ලා සිටිමු. ඔබේ ලැප්ටොප් එක AC ඇඩප්ටරය සමඟ පමණක් භාවිත කළ හැකි වීමේ අපහසුතාව සඳහා අපි සමා ඉල්ලන්නෙමු.

1. බැටරි පැකේජය ඉවත් කර ඔබේ ලැප්ටොප් එක භාවිත කරන්න. 

  • ඔබේ පරිගණකය භාවිත කරන විට, බැටරි පැකේජය ඉවත් කර AC ඇඩප්ටරය සවි කරන්න.
  • බැටරි පැකේජය ඉවත් කරන විට, ලැප්ටොප් එක වසා දමා ඇති බවත්, AC ඇඩප්ටරය ගලවා ඇති බවත් තහවුරු කර ගන්න.

2. බැටරි පැකේජය ඉවත් කළ විට එය නිසි පරිදි තබා ගන්න.

  • බැටරි පැකේජය දහනය විය හැකි ද්‍රවවලින් දුරස් කොට සිසිල්, වේළුණු තැනක තබන්න.
  • බැටරි පැකේජය ගලවා තබා ඇති විට එයට විදුලි බලය නොකවන්න.

බැටරි ප්‍රතිස්ථාපනය සඳහා ඉල්ලුම් කරන ආකාරය සහ වැඩිදුර තොරතුරු


පාරිභෝගිකයින් වැඩිදුර තොරතුරු සඳහා පහත සඳහන් ඒවා ඔස්සේ අපගේ සේවා සහය හා සම්බන්‍ධ විය හැක:

බැටරි ප්‍රතිස්ථාපනයක් සඳහා ඉල්ලුම් කරන ආකාරය (ජපානයේ සිටින පාරිභෝගිකයින්)

ප්‍රතිස්ථාපන කිරීමක් සඳහා ඉල්ලුම් කරන විට පහත සඳහන් තොරතුරු අවශ්‍ය වෙති:

  • බැටරි පැකේජයේ නිෂ්පාදන අංකය සහ අනුක්‍රමික අංකය
  • ලැප්ටොප්හි මාදිලි නම සහ අනුක්‍රමික අංකය
ඔබේ බැටරි පැකේජය ආපසු කැඳවිය යුතුද යන්න තහවුරු කිරීමටත් අවශ්‍ය නම් ප්‍රතිස්ථාපන කිරීමක් සඳහා ඉල්ලුම් කිරීමටත් මෙහි ක්ලික් කරන්න (ජපන් භාෂාව පමණයි).

※ මෙම දැනුම් දීම හෙළි කරන විට මෙහි අන්තර්ගතය නිවැරදි නමුත් දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක. මෙම දැනුම් දීමේ සමීපතම අනුවාදය සඳහා http://www.fujitsu.com/global/about/resources/news/notices/2015/0827-01.html වෙත පැමිණෙන්න. ඔබේ අවබෝධ කර ගැනීම සඳහා ස්තූතියි.