NOTE: this is an archived page and the content is likely to be out of date.
Indonesia |
Pilipino
|
Melayu |
简体中文 |
繁體中文 |
සිංහල |
தமிழ் | ภาษาไทย | English |
වටිනා පාරිභෝගිකයාණෙනි,
2015 අගෝස්තු 27 වෙනිදා - ෆූජිත්සු නිෂ්පාදන සඳහා වන ඔබගේ අනුග්‍රහය සඳහා අපි ඔබට ස්තූතිය පුද කරමු.
පැනසොනික් සංස්ථාව විසින් නිෂ්පාදන කර ෆූජිත්සු ලැප්ටොප්වලින් මූලික වශයෙන් හෝ ප්‍රතිස්ථාපන කිරීම් වශයෙන් භාවිත කරනු ලබන බැටරි පැකේජ සමහරක් කලාතුරකින් දහනය වී ගිනි ගැනීමට හැකි බව අපි දැන ගත්තෙමු. එම නිසා, එසේ විය හැකි බැටරි පැකේජ ආපසු කැඳවා ප්‍රතිස්ථාපන කිරීම ෆූජිත්සු විසින් සිදු කෙරේ.
පහත සඳහන් “බලපෑමට ලක් වන බැටරි පැකේජ” තුළ සඳහන් කර ඇති බැටරි පැකේජ සහිත පාරිභෝගිකයින් “බැටරි ප්‍රතිස්ථාපනයක් සඳහා ඉල්ලුම් කරන ආකාරය” තුළින් විස්තර කර ඇති පරිදි ඉල්ලුම් කරනු මෙන් අපි ඉල්ලා සිටිමු. බැටරි පැකේජය ප්‍රතිස්ථාපන කරන තෙක් ඔබේ ලැප්ටොප් එක ආරක්‍ෂිතව භාවිත කිරීම තහවුරු කිරීම සඳහා පහත සඳහන් උපදෙස් කියවන්න.
ෆූජිත්සු තම පාරිභෝගිකයින්ට සිදු කළ අපහසුතාව සඳහා අතිශයින්ම සමාව ඉල්ලන අතර, බැටරි පැකේජ ආපසු කැඳවීම සහ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ඔබේ සහයෝගය ඉල්ලා සිටියි.
ඔබගේ ලැප්ටොප් එක පහත සඳහන් “අදාළ ලැප්ටොප්” තුළ ලැයිස්තු කර ඇති අතර “බලපෑමට ලක් වූ බැටරි පැකේජ” යටතේ එහි බැටරි පැකේජය ලැයිස්තු කර තිබේ නම්, ඔබේ බැටරි පැකේජය ආපසු කැඳවීම හා ප්‍රතිස්ථාපන කිරීමට අදාළ වේ.
බලපෑමට ලක් වූ බැටරි පැකේජ | |
---|---|
නිෂ්පාදන අංකය | කොටස් අනුක්‍රමික අංකය |
CP556150-01 | Z110802 සිට Z111212 දක්වා |
CP556150-02 | Z120102 සිට Z120512 දක්වා |
කොටස් අනුක්‍රමික අංකය: යා ඉරකට පසුව “Z” සමඟ ආරම්භ වන අක්‍ෂරාංක පෙළ
බැටරි පැකේජයේ නිෂ්පාදන අංකය සහ අනුක්‍රමික අංකය පරීක්‍ෂා කරන ආකාරය
වැදගත්: නිෂ්පාදන සහ අනුක්‍රමික අංක තහවුරු කර ගැනීම සඳහා බැටරි පැකේජය ඉවත් කරන විට, ඔබේ පරිගණකය වසා දැමීමත්, AC ඇඩප්ටරය ගැලවීමත්, පසුව බැටරි පැකේජය ඉවත් කිරීමත් තහවුරු කර ගන්න.
බලපෑමට ලක් වූ ලැප්ටොප් බැටරි පැකේජ සහිත පාරිභෝගිකයින් තම බැටරි පැකේජ ප්‍රතිස්ථාපන කරන තෙක් ආරක්‍ෂිතව භාවිත කිරීම සඳහා පහත සඳහන් පියවර දෙක අනුගමනය කරනු මෙන් අපි ඉල්ලා සිටිමු. ඔබේ ලැප්ටොප් එක AC ඇඩප්ටරය සමඟ පමණක් භාවිත කළ හැකි වීමේ අපහසුතාව සඳහා අපි සමා ඉල්ලන්නෙමු.
පාරිභෝගිකයින් වැඩිදුර තොරතුරු සඳහා පහත සඳහන් ඒවා ඔස්සේ අපගේ සේවා සහය හා සම්බන්‍ධ විය හැක:
ප්‍රතිස්ථාපන කිරීමක් සඳහා ඉල්ලුම් කරන විට පහත සඳහන් තොරතුරු අවශ්‍ය වෙති: